Python යනු කුමක්ද? (What is Python?)
Python කියන්නේ ලෝකයේම ඉතාම ජනප්‍රිය පරිගණක භාෂාවක්. මේක ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වීම. ඔබ පරිගණක භාෂාවක් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් වුණත්, Python හරහා ඔබට ක්‍රමලේඛණය (programming) ලෝකයට පහසුවෙන් පිවිසෙන්න පුළුවන්.
Python ගේ විශේෂතා මොනවාද?
- ඉගෙනීම පහසුයි (Learning is Easy) : Python භාෂාව ඉංග්‍රීසි භාෂාවට සමාන නිසා, එහි සංකේත (syntax) තේරුම් ගැනීම ඉතාම සරලයි.
- බහුකාර්යතාව (Versatility) : Python විවිධ ක්ෂේත්‍රවලට භාවිතා වෙනවා. උදාහරණ විදියට වෙබ් අඩවි හදන්න, දත්ත විශ්ලේෂණය කරන්න (Data Analysis), කෘත්‍රිම බුද්ධිය (AI) වැනි දේවල් කරන්න පුළුවන්.
- විශාල ප්‍රජාවක් (Large Community): මේක ලොකු පිරිසක් භාවිතා කරන නිසා, ඔබට ප්‍රශ්නයක් ආවොත් උදව් ලබාගන්න ලොකු පිරිසක් ඉන්නවා.
- නොමිලේ (Free to Used) : Python යනු free of charge මෘදුකාංගයක්. එය ඔබට කිසිදු මුදලක් නොගෙවා download කරලා, භාවිතා කරලා, සහ වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වගේම එය open-source භාෂාවක්. මෙයින් අදහස් කරන්නේ එහි මූල කේතය (source code) කාටත් බලන්න, වෙනස් කරන්න, සහ වැඩිදියුණු කරන්න පුළුවන් කියන එකයි. ලොව පුරා ඉන්න developers ලා දහස් ගණනක් එකතුවෙලා නිරන්තරයෙන් මේ භාෂාව දියුණු කරන නිසා, අපිට අවශ්‍ය ඕනෑම කාර්යයක් සඳහා libraries සහ tools පහසුවෙන් හොයාගන්න පුළුවන්.
Python මූලික කරුණු සරලව
1. මුලින්ම ලෝකයට ආයුබෝවන් කියමු! (Hello, world!)
ඕනෑම පරිගණක භාෂාවක් ඉගෙන ගන්නකොට මුලින්ම කරන දේ තමයි “Hello, world!” කියලා තිරයේ පෙන්වන එක. Python වලින් ඒක කරන්නේ මෙහෙමයි:print("Hello, world!")මේකෙන් වෙන්නේ
print()
කියන විධානය (function) භාවිතා කරලා, වරහන් ඇතුළේ තියෙන “Hello, world!” කියන පාඨය (text) තිරයේ පෙන්වන එක.
2. විචල්‍යයන් (Variables)
Variable කියන්නේ යම් දත්තයක් තාවකාලිකව ගබඩා කර තියාගන්න පුළුවන් බහාලුමක් වගේ දෙයක්. Python වල විචල්‍යයක් හදන්නේ මෙහෙමයි:name = "Kamal" age = 25 is_student = True
- මෙතනදී
name
කියන විචල්‍යයේ “Kamal” කියන පාඨය තියෙනවා. age
කියන විචල්‍යයේ 25 කියන අංකය තියෙනවා.is_student
කියන විචල්‍යයේTrue
(සත්‍ය) කියන Boolean අගය තියෙනවා.
3. දත්ත වර්ග (Data Types)
Variables විවිධ වර්ගයේ දත්ත ගබඩා කරන්න පුළුවන්. ප්‍රධාන දත්ත වර්ග කීපයක් මෙන්න:- String (str): පාඨ (text). උදා:
"Hello"
- Integer (int): පූර්ණ සංඛ්‍යා (whole numbers). උදා:
10
,-5
- Float (float): දශම සංඛ්‍යා (decimal numbers). උදා:
3.14
- Boolean (bool): සත්‍ය හෝ අසත්‍ය (True or False).
4. ගණිතමය කටයුතු (Arithmetic Operations)
Python භාවිතා කරලා ගණන් හදන්නත් පුළුවන්.a = 10 b = 5 # එකතු කිරීම (Addition) sum = a + b # sum = 15 # අඩු කිරීම (Subtraction) difference = a - b # difference = 5 # ගුණ කිරීම (Multiplication) product = a * b # product = 50 # බෙදීම (Division) quotient = a / b # quotient = 2.0 print(sum) print(difference) print(product) print(quotient)
5. කොන්දේසි සහිත ප්‍රකාශ (Conditional Statements)
යම් කොන්දේසියක් මත පදනම්ව යමක් කිරීමට අවශ්‍ය නම්if
, elif
(else if), සහ else
භාවිතා කරන්න පුළුවන්.
age = 18 if age >= 18: print("ඔබට ඡන්දය දීමට සුදුසුකම් ඇත.") else: print("ඔබ තවමත් ඡන්දය දීමට සුදුසු නැත.")මේ කේතයේ
age
කියන විචල්‍යයේ අගය 18ට වඩා වැඩි හෝ සමාන නම්, පළමු වාක්‍යය පෙන්වයි. නැත්නම්, දෙවන වාක්‍යය පෙන්වයි.
6. පුනරාවර්තන (Loops)
යම් කාර්යයක් නැවත නැවතත් කිරීමට අවශ්‍ය නම්for
loop එකක් භාවිතා කරන්න පුළුවන්.
# 1 සිට 5 දක්වා අංක මුද්‍රණය කිරීම for i in range(1, 6): print(i)
- මේකෙන් වෙන්නේ 1, 2, 3, 4, 5 කියන අංක එකින් එක මුද්‍රණය කරන එක.